කම්කරු අරගල

සෙවනගල සීනි කර්මාන්තශාලාවේ කම්කරුවෝ 1,000කට වැඩි පිරිසක් වැඩ වර්ජනයක

කම්කරුවෝ වෘත්තීය සමිති නිලධරයෙන් බිඳී, අයිඑම්එෆ් කප්පාදුවට සහ ජවිපෙ/ජාජබ ආන්ඩුවට එරෙහි ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමට මූලිකත්වය ගත යුතු ය.

අරුන මලලගම

ආන්ඩුව දුම්රිය සේවකයින්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරයි

දුම්රිය සේවාව හිතාමතා ම කප්පාදු කිරීමත්, එහි පෞද්ගලීකරන න්‍යාය පත්‍රයට එරෙහි විරෝධය මර්දනය කිරීමත් ජවිපෙ/ජාජබ ආන්ඩුවේ අරමුනයි.

සුජීව අමරනාත්

ලංකාවේ රාජ්‍ය අංශ වෘත්තීය සමිතිවල සම්මේලනය: අයිඑම්එෆ් කප්පාදුවට එරෙහි අව්‍යාජ අරගලයක් වැලැක්වීමේ වෑයමක්

ජීවන තත්ත්වයන් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මත එල්ල වන ප්‍රහාරය පරාජය කිරීම සඳහා, සියලු ම ධනේශ්වර පක්ෂවලින් ද පාලක පන්තියේ කාර්මික පොලිසිය ලෙස ක්‍රියා කරන වෘත්තීය සමිතිවලින් ද ස්වාධීන ව කම්කරුවන් සංවිධානය විය යුතු ය.

ඩබ්ලිව්. ඒ. සුනිල්

වී සඳහා සාධරන මිලක් ඉල්ලා ගොවීහු දිගට ම උද්ඝෝෂනය කරති

"අපි හිතුවා ජාතික ජන බලවේග ආන්ඩුව පත්කර ගන්න කොට ගොවීන්ගේ ප්‍රශ්න විසඳයි කියලා. නමුත් මේ ආන්ඩුව යන්නෙත් කලින් ආන්ඩු ගිය පාරෙමයි” යනුවෙන් අම්බලන්තොට ගොවියෙක් පැවසී ය.

අරුන මලලගම
මෑත කාලීන ලිපි