ගෝලීය ඉන්ධන අර්බුදයට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එක්සත් ජනපදයට නොව ඉරානයට දොස් පවරයි
දිසානායකගේ ප්‍රකාශ මගින් ඉරානයට එරෙහි නීති විරෝධී එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය සම්බන්ධයෙන් රජයේ ව්‍යාජ “මධ්‍යස්ථභාවය” පිලිබඳ ප්‍රකාශය නැවත වරක් හෙලිදරව් කරයි.
දිසානායකගේ ප්‍රකාශ මගින් ඉරානයට එරෙහි නීති විරෝධී එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය සම්බන්ධයෙන් රජයේ ව්‍යාජ “මධ්‍යස්ථභාවය” පිලිබඳ ප්‍රකාශය නැවත වරක් හෙලිදරව් කරයි.
අතිශයින් ම ම්ලේච්ඡ අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වයන්ට ප්‍රතිරෝධය දැක්වීම සඳහා ඓතිහාසික ව පරිපීඩිත රටකට තිබෙන අයිතිය හෙලා දැකීමේ ලා ආන්ඩු 140ක් සම-අනුග්‍රහය දැක්වීමේ කරුන, අබාධිත යටත් විජිත ආධිපත්‍යය සහ 20වැනි ශතවර්ෂයේ ලෝක යුද්ධ දෙක සමග බැඳී තිබුනු ම්ලේච්ඡත්වය ලෝක ධනවාදය විසින් යලි පන ගන්වා ඇති බව අවධාරනය කරයි.
"මේ යුද්ධයේ අරමුන, ඉරානයේ වගේම, අනෙකුත් මැද පෙරදිග රටවල තෙල් සම්පත් කොල්ලකෑම බව ඉතා පැහැදිලියි.මෙම යුද්ධය දියත් කලේ, ඉරාන ජනතාවට ප්රජාතන්ත්රවාදය ගෙන ඒමට කියලා ට්‍රම්ප් කියනකොට ඒක අමුම අමු බොරුවක්,” යැයි රත්මලාන දුම්රික කම්කරුවෙක් කීවේ ය.
මෙම රැස්වීම අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ව ව්‍යාපාරයක් ගොඩනැගීමට අවශ්‍ය කම්කරු පන්තියේ දේශපාලන ඉදිරිදර්ශනය සාකච්ඡා කරනු ඇත.
යුද විරෝධී වාක්‍ය ඛන්ඩවලින් අලංකාර කරමින්, ගැටුම ඇවිල වූ අධිරාජ්‍යවාදී බලවතුන්ට ම එය නැවැත්වීම සඳහා නිෂ්ඵල ආයාචනා කිරීම සඳහා පෙසප “ගෝලීය ක්‍රියා” යෝජනා කරයි!
අඟහරුවාදා (10), ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ප්‍රංශය, මැද පෙරදිග තුල යුරෝපීය නාවික කන්ඩායමකට නායකත්වය දෙන බව නිවේදනය කිරීමට, න්‍යෂ්ටික අවි සහිත චාල්ස් ඩි ගෝල් ගුවන් යානා ප්‍රවාහන නෞකාවට හෙලිකොප්ටරයකින් පැමිනියේ ය.
දුරකථනවල සිට ගුවන් යානා එන්ජින් දක්වා වන අධි-තාක්ෂනික නිශ්පාදන සඳහා අත්‍යවශ්‍ය දුර්ලභ මූල ද්‍රව්‍ය හා තීරනාත්මක ඛනිජ ද්‍රව්‍ය මත පවත්නා තම ආධිපත්‍යය හේතුවෙන්, ක්ෂනික ව සැපයුම් කපා හරිමින් ට්‍රම්ප්ගේ තීරුබදු යුද්ධයට ප්‍රති-ප්‍රහාර දීමට චීනය සමත් විය.
“ඇමරිකානු ආන්ඩුවට මිනිසුන් ගැන එතරම් සැලකිලිමත් වෙනවා නම්, සංක්‍රමනිකයන් එක්සත් ජනපදයෙන් පිටුවහල් කරන්නේ ඇයි? ඇමරිකානු ජනතාවට ඇති ලොකු ම තර්ජනය ට්‍රම්ප් පරිපාලනයම තමයි,” රජයේ පාසල් ගුරුවරියක්.
ලොව පුරා කම්කරුවන් සහ තරුනයින් දහස් ගනනක් සහභාගී වූ මෙම රැස්වීමේ දී, ඉරානයට එරෙහි සාපරාධී බෝම්බ හෙලීමත්, සියලු අධිරාජ්‍යවාදී යුද්ධත් අවසන් කිරීමට සමත් එක ම බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තිය බව හඳුනා ගන්නා ලදී.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයන්ට පටහැනි ව, කොලඹ ආන්ඩුව, ඉරානයට එරෙහි සමූලඝාතන යුද්ධයේ දී එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ රාජ්‍ය තාන්ත්‍රික සහ මූලෝපායික අරමුනු සඳහා අනුකූල අතරමැදියෙකු ලෙස ක්‍රියා කරයි.
යුද්ධයට හේතු, එහි ගෝලීය ඇඟවුම්, ඊට සම්බන්ධ ඓතිහාසික හා න්‍යායික කරුනු සහ සියල්ලටත් වඩා එය නැවැත්වීම සඳහා කම්කරු පන්තිය දේශපාලනික ව මැදිහත් වීමේ අවශ්‍යතාවය කථිකයින් විසින් සාකච්ඡා කරනු ඇත.
ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහි ව ගෙන යන නීති විරෝධී ආක්‍රමනශීලී යුද්ධය සහ නිරායුධ ඉරාන යුද නැවක් ගිල්වා දැමීම නිහීන යුද අපරාධයක් ලෙස සමාජවාදී සමානතා පක්ෂය විසින් හෙලා දකිනු ලබයි.
සඳුදා (02) සවස, ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂයේ (එස්ජීපී) සභාපති ක්‍රිස්ටෝෆ් වැන්ඩ්‍රියර්, ඉරානයේ අධිරාජ්‍යවාදී ආක්‍රමනයට එරෙහිවත්, ජාත්‍යන්තර සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් වෙනුවෙනුත් පහත ප්‍රකාශය නිකුත් කරන ලදී.
යාපනය විශ්වවිද්‍යාලයේ සිසු-සිසුවියෝ, තම පීඨවල යටිතල පහසුකම්වල අප්‍රමානවත් බව, ඉහල යන ජීවන වියදම් සහ තමන් මුහුන දෙන පීඩනකාරී අධ්‍යයන කොන්දේසි ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට පවසා සිටියහ.
2026 මාර්තු 4 වන දින ඉන්දියානු සාගරයේ දී එක්සත් ජනපද නාවික හමුදාව විසින් ඉරාන නෞකාවක් වන අයිරිස් ඩෙනා නෞකාවට එල්ල කල ටෝපිඩෝ ප්‍රහාරය යුද අපරාධයකි.
තුර්කියේ අන්කාරා හි පිහිටි බිල්කන්ට් විශ්ව විද්‍යාලයේ සහ මැද පෙරදිග තාක්ෂනික විශ්ව විද්‍යාලයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල ආරාධනයෙන්, ඩේවිඩ් නෝර්ත්, පෙබරවාරි 17 සහ 19 යන දිනවල ඔන්ලයින් දේශන පැවැත්වීය.
මෙය, ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ ගැඹුරු වන අර්බුදය මධ්‍යයේ කම්කරුවන්ගේ වියදමින් ලාභ ඉහල නැංවීම අරමුනු කරගත් පුලුල් ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියක කොටසකි.
ධනපති ද්වි-පක්ෂ ක්‍රමය වසර 150ක් තිස්සේ ක්‍රියාත්මක වන එක්සත් ජනපදය තුල, පාලක පන්තියේ පිලිවෙත් හා අවශ්‍යතාවලට අවංක ව විරුද්ධ වන සියලු දෙනාට, මහජනයා ඇමතීමේ අයිතිය අහිමි කෙරී ඇත. සමාජවාදී සමානතා පක්ෂයට, රූපවාහිනී කතාවක් හරහා ට්‍රම්ප් ගේ කථාව පමනක් නොව ඩිමොක්‍රැටිකයන්ගේ පිලිතුර ද ඛන්ඩනය කිරීමක අවස්ථාවක් ලබා දුන්නේ නම්, අප කියා තිබෙනු ඇත්තේ මෙය යි.
නව යුද විරෝධී ව්‍යාපාරය, සියල්ලටත් වඩා, ජාත්‍යන්තර විය යුතු අතර, අධිරාජ්‍යවාදයට එරෙහි ඒකාබද්ධ ගෝලීය අරගලයක් තුල කම්කරු පන්තියේ දැවැන්ත බලය බලමුලු ගැන්විය යුතු ය.
ස්ථිර කම්කරුවන්ට වැඩි අස්වැන්නක් නෙලා ගැනීමට අනියම් කම්කරුවන් මෙන් කඹුරන්නට යැයි සිදු කෙරෙන බලපෑම් පෙන්නුම් කරන්නේ ප්‍රාදේශීය වතු සමාගම් වතුවල රුදුරු සූරා කෑම නව වටයකින් තීව්‍ර කීරීමට කැස කවමින් සිටින බවයි.
පෙබරවාරි 28 වැනි දා අලුයම ආරම්භ වූ ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරය, එක්සත් ජනපද ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජාත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් සිදු කල සාපරාධී යුද ක්‍රියාවකි.
ක්‍රිස්ටලීනා ජෝර්ජියේවාගේ සංචාරයේ අරමුන වූයේ, කම්කරුවන් හා දුගීන් මත වඩ වඩා බර පටවන අතර, මහා ව්‍යාපාරිකයේ ලාභ ආරක්ෂා කරන අයිඑම්එෆ් රුදුරු කප්පාදු පිලිවෙත් ලංකාවේ ආන්ඩුව අඛන්ඩ ව ක්‍රියාත්මක කරන බව තහවුරු කිරීම යි.
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ යුද-උම්මත්තක කල්ලියේ නියෝගයෙන් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය දැවැන්ත දේශපාලන අපරාධයකි. එය ජාත්‍යන්තර නීතිය යටතේ නීති විරෝධී වන අතර එක්සත් ජනපද ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සෘජුවම උල්ලංඝනය කිරීමකි.
කම්කරුවන්, ග්‍රාමීය දුප්පතුන් සහ තරුනයින් අතර කෝපය වර්ධනය වන විට, ධනේශ්වර පන්තිය ඉදිරියේ 2022 මහජන අරගලයේ අවතාරය හොල්මන් කරයි. එම පන්තියේ අවශ්‍යතා වෙනුවෙන් සේවය කරන පෙසප, ධනවාදය ආරක්ෂා කිරීම සඳහා තම කාර්යභාරය ඉටු කිරීමට සූදානම් වෙමින් සිටී.
ෆැසිස්ට් ජනාධිපතිවරයා, මූල්‍ය කතිපයාධිකාරය විසින් තමා වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන එම කතිපයාධිකාරයේ ආන්ඩුවකට නායකත්වය දෙයි.
නිදහස් සෞඛ්‍ය සේවය රැක ගැනීම මිලියන සංඛ්‍යාත කම්කරු පීඩිත මහජනතාවට ජීවිතය මරනයත් අතර අරගලයක් බව අවධාරනය කල රැස්වීම ඒ සඳහා ජීඑම්ඕඒ අතුලු වෘත්තීය සමිතිවල ද්‍රෝහී ක්‍රියාකලාපයට එරෙහි ව ජාත්‍යන්තර සමාජවාදී මූලෝපායක් විස්තාරනය කලේ ය.
අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙල අකුරට ම ක්‍රියාවට දමමින් සිටින ජවිපෙ/ජාජබ ආන්ඩුව, තම වැඩපිලිවෙලට එරෙහි ව වර්ධනය වෙමින් පවතින පන්ති අරගල මැඩීමට මිලිටරීකරන පියවරයන් ක්‍රියාවට දමමින් සිටී.
සියලු ම වතු සේවකයින්ට මාසික වැටුපක් ගෙවිය යුතු අතර, එය සියලු මූලික ජීවන අවශ්‍යතාවල පිරිවැය අනුව ගනනය කර ජීවන වියදමේ වැඩිවීමට ගැලපිය යුතු ය. එය විශ්‍රාම වැටුප් සහිත විය යුතු ය. මෙය වෛද්‍ය නිවාඩු ඇතුලු ව වැටුප් සහිත නිවාඩු ක්‍රමයක් සමඟ තිබිය යුතු ය.
අයිතිවාසිකම් සඳහා වතු කම්කරුවන් ගෙන යන මෙම අරගලය, සමස්තයක් ලෙස කම්කරු පන්තියේ පුලුල් අරගලයෙන් වෙන් කල නොහැකි ය. සියලු කම්කරුවෝ අයිඑම්එෆ් විසින් පනවන කුරිරු කප්පාදු පියවරවල ස්වරූපයෙන් පෙනී සිටින ධනේශ්වර ආර්ථික අර්බුදයේ බරට මුහුන දී සිටිති.
මේ මානසික ව්‍යාධිගතයා පෘථිවිය මත තිබෙන ප්‍රබල ම දේශපාලන තනතුරට ඔසොවා තැබීමේ සිදුවීම, පැහැදිලි කරන්නේ කෙසේ ද? මේ ප්‍රතිඵලය ලබා දුන් සමාජමය, ආර්ථිකමය සහ දේශපාලනික ක්‍රියාවලීන් මොනවාද ? කවර පන්ති බලවේග ක්‍රියාත්මක වී ද?
වෛද්‍යවරුන්ගේ වර්ජනයට එරෙහි විෂකුරු මාධ්‍ය වාර්තා පිලිකුලෙන් ප්‍රතික්ෂේප කල ගොවියා ඔවුන්ගේ සේවය අගයමින් කීවේ, “වෛද්‍යවරුන්ටත් ඔවුන්ගේ වෘත්තීය නිදහසේ කරගෙනගෙන යන්න අවශ්‍ය පරිමානයට හොඳ පඩියක් ලැබෙන්න ඕනේ. ඒ නිසා ඒ අය උද්ඝෝෂනවලට යන එකේ වැරැද්දක් මට පෙන්නේ නැ.”
“අපි හැමදාම වැඩට එන්නේ ලොකු බරක් ඔලුවේ තියාගෙන. ආපසු යන්නේ වේදනාවෙන්. කොපමන වෙහෙසිලා සේවය කලත් ඒ ගැන කිසිම ඇගයීමක් නැහැ.”
වත්මන් ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහි ව නැගී එන විරුද්ධත්වය බිය ගන්වා යටපත් කිරීම සඳහා නිර්මානය කරන ලද පන්ති පලිගැනීමේ ක්‍රියාවකට සමාන වන අයුරින්, අධිකරනය, දුබල සාක්ෂි සහ දෝෂ සහිත නීතිමය තර්ක මත පදනම් ව, පුද්ගලයින් 12 දෙනෙකුට මරන දඬුවම නියම කර ඇත.
“අපට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෙවන්න වුනොත් දුප්පතුන් ට මරනය යතාර්තයක් බවට පත්වෙනවා”: පුද්ගලික රෝහල් සේවකයෙක්
මොරටුව විශ්ව විද්‍යාලය අසල සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරය හුදෙකලා වීදි කලහයක් නොව, විශ්ව විද්‍යාල සේවකයින් සහ සිසුන් අතර එය සංවිධානය වීම වැලැක්වීම සඳහා දේශපාලනිකව මෙහෙයැවුනු උත්සාහයක් බව සසප නොකඩවා පැහැදිලි කර තිබේ.
ලෝරා ශාන්තකුමාර් වහා ම යලි සේවයේ පිහිටුවන ලෙසත්, පලිගැනීමට ලක්වීමේ භීතියෙන් තොර ව යුද්ධයට විරුද්ධ වීමට ඇය ඇතුලු සියලු ශාස්ත්‍රාලිකයන්ට, විශ්ව විද්‍යාල සේවකයන්ට හා ශිෂ්‍යයන්ට තිබෙන අයිතිය ආරක්ෂා කරන ලෙසත් ලෝසවෙඅ කැඳවුම් කරයි.
“හෙලමුතු සෙවන” සංකීර්නය ගොඩනගා අවසන්කර ඇත්තේ 2019 සැප්තැම්බර් මස වන අතර, වසර හයක් වැනි කෙටි කාලයක දී එහි ඉහල මාලයන්හි කොන්ක්‍රීට් බදාම තට්ටු ගැල වී යාමෙන් එහි ඉදිකිරීම් ප්‍රමිතියේ බාල බව එලිදරවු වෙයි.
පොලිස් වෙඩි තැබීම හුදකලා සිදුවීමකට හෝ අත්තනෝමතික පොලිස් ක්‍රියාමාර්ගවලට සීමා නොවේ. 2009 මැයි මාසයේ දී අවසන් වූ උතුරු හා නැගෙනහිර වසර 26 ක දෙමල විරෝධී වාර්ගික යුද්ධය අතරතුර වර්ධනය කරන ලද පොලිස්-රාජ්‍ය ක්‍රම, අනුප්‍රාප්තික ආන්ඩු විසින් අඛන්ඩ ව පවත්වා ගෙන ගොස් ඇති අතර රට පුරා වැඩි වැඩියෙන් භාවිතා කරනු ලැබේ.
මවාපෑමක් වන ජවිපෙ/ජාජබ ආන්ඩුවේ සහනාධාර වැඩසටහන, අව්‍යාජ යලි ගොඩනැගීමකට හෝ සුලි කුනාටුවෙන් අනාවරනය කර ඇති ගැටලුවලට ආමන්ත්‍රනය කිරීමට හෝ අසමත් වී ඇත.
මෝදි ආන්ඩුව සිය ග්‍රාමීය රැකියා “පොරොන්දු” කුනු කූඩයට දමමින් සිටින්නේ, දිගු කලක් තිස්සේ එයට යෙදවෙන රාජ්‍ය පිරිවැය සමච්චලයට ලක් කරමින්, තමන් ග්‍රාමීය වැටුප් “ඉහල නංවන” බවට මැසිවිලි නගමින් සිටි පාලක පන්තියේ වඩාත් ම කෑදර කොටස්වල දිගු කාලීන ඉල්ලීමක් ඉටු කිරීම වසයෙනි.
පාරිසරික ආරක්ෂාවේ නාමයෙන් කිසිදු ධීවරයෙකුට තම ජීවනෝපායන් අහිමි නොවිය යුතුය.
ඉන්දියානු කම්කරු පන්තිය, දකුනු ආසියාව පුරා සහ ගෝලීය වශයෙන් ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනක දී දකුනු ආසියාව පුරා සහ ගෝලීය වශයෙන් කම්කරුවන් සමඟ අත්වැල් බැඳ ගත යුතු ය. ඉන්දියානු ශ්‍රමය සූරා කන එක ම ගෝලීය සංගත, සෑම තැනක ම කම්කරුවන් සූරා කයි. බාහිර ප්‍රතිවාදීන්ට එරෙහි ව යුද්ධයට සූදානම් වන එම ආන්ඩු ම, තම රටේ වැඩ කරන ජනතාවට එරෙහි ව යුද්ධ කරමින් සිටියි.
සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව පෙබරවාරි 20 වන දින රාත්‍රී 8 ට “වෛද්‍ය නිලධාරීන්ගේ විරෝධතා සහ නිදහස් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ සටන” යන මාතෘකාව යටතේ ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීමක් පවත්වයි. අපගේ රැස්වීම මෙම මුලිකත්වය ගැනීම් මෙන් ම, ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග අපගේ අරගලය සම්බන්ධ කිරීමේ මූලෝපායික අවශ්‍යතාවය සහ මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමට සහ ප්‍රති නිර්මානය කිරීමට අවශ්‍ය පුලුල් සමාජවාදී ඉදිරිදර්ශනය ද සාකච්ඡා කරනු ඇත.
වෛද්‍යවරුන්ගේ වැටුප් ඉල්ලීම් ගැටෙන්නේ අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙල යටතේ නිදහස් සෞඛ්‍ය සේවය විනාශ කිරීමේ ජවිපෙ/ජාජබ ආන්ඩුවේ රුදුරු සැලසුම් සමග වන අතර, නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තියේ පොදු අරගලයක දැවෙන අවශ්‍යතාවය ඉන් මතු කෙරෙයි.
සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව (එච්ඩබ්ලිව්ඒසී) අවධාරනය කරන්නේ ජාමූඅ හි කප්පාදුවට, ඒ මත පදනම් වූ ආන්ඩුවේ පිලිවෙත් සහ ධනවාදයටම එරෙහි අරගලයකින් තොරව, නිදහස් මහජන සෞඛ්‍ය සේවය ආරක්ෂා කල නොහැකි බවයි.
ජනවාරි 24 වැනි දා, ටෙක්සාස්හි ඩිලීහි පිහිටි දකුනු ටෙක්සාස් පවුල් නේවාසික මධ්‍යස්ථානය තුල සිරගත කර සිටින සංක්‍රමනික පවුල්, තමන් නියමිත කාල සීමාවකින් තොරව රඳවා තබා ගැනීම හෙලා දකිමින් සහ තම දරුවන්ට නිදහස ඉල්ලා විරෝධතාවක් පැවැත්වූහ.
“අනිත් දේශපාලන පක්ෂ එපා වෙලා තිබුන හින්දා අපේ චන්දත් මේ ආන්ඩුවට දුන්න. දැන්, රනිල් වික්‍රමසිංගෙ ආන්ඩුව ආරම්භ කරපු ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල අනුර කුමාර දිසානායකත් ඉදිරියට ගෙනියනව.”
දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිති ව විශේෂයෙන් 1947-1948 කාල පරිච්ඡේදයේ දකුනු ආසියානු කලාපයේ අධිරාජ්‍යවාදීන් ඇතිකල සමථයන්ගේ ස්වභාවය පිලිබඳ මෙම විශ්ලේෂනය ලියොන් ට්‍රොට්ස්කි විසින් ඉදිරිපත් කෙරුනු නොනවතින විප්ලව න්‍යාය මත පදනම් වී තිබේ. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් ඉන්දියාවට නිදහස ප්‍රකාශ කිරීමෙන් ගත වී ඇති 79 වසරකට ආසන්න කාලය තුල එම විශ්ලේෂනයේ නිවැරදි තාවය සනාථ වී ඇත.
පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සමිති සහ ජනාධිපති දිසානායක අතර සාකච්ඡාවෙන්, ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීමෙන් ඉල්ලීම් දිනා ගැනීමේ ක්‍රියාමාර්ගවල බංකොලොත්භාවය ඉතා පැහැදිලි ව ප්‍රකාශයට පත් විය.
නිදහස් සෞඛ්‍ය සේවය ආරක්‍ෂා කර ගැනීම පිලිබඳ කාරනාව ජාමූ අරමුදලේ කප්පාදු පිලිවෙත් වලට එරෙහි ව සටන සමඟ එකට බැඳී ඇති අතර මෙය ජාමූ අරමුදලේ පිලිවෙත් වලට කැපවී සිටින සමිති නිලධර සමග කල නොහැක.
ජනතා විමුක්ති පෙරමුන දෙමල විරෝධී වාර්ගික යුද්ධයේ උද්‍යෝගිමත් ආධාරකරුවෙකු බවට වන ප්‍රතිගාමී වාර්ගික වාර්තාව වසන් කිරීමට දිසානායක උත්සාහ කරයි.
ජීවන තත්වයන් වැඩිදියුනු කිරීමටත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් බොරු පොරොන්දු දුන් ආන්ඩුව, කම්කරු පන්තියට එරෙහි ව යොදන මර්දනකාරී පියවරයන් වේගවත් කරමින් සිටී.
දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිති ව විශේෂයෙන් 1947-1948 කාල පරිච්ඡේදයේ දකුනු ආසියානු කලාපයේ අධිරාජ්‍යවාදීන් ඇතිකල සමථයන්ගේ ස්වභාවය පිලිබඳව දුර දක්නා අයුරින් ලියැවී ඇති මෙම ප්‍රකාශනය ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මත පාදක වී ඇති අතර දැන් 78 වසරක කාල පරාසයක් තුල පරීක්ෂාවට ලක් ව යලි යලිත් සනාථ වී ඇත.
මහා ජන සමූහයන් සම්බන්ධකරගත් ක්‍රියාමාර්ගයක් සඳහා ඉල්ලීම මතු වී ඇත්තේ වෘත්තීය සමිති නිලධාරීන්ගෙන් හෝ දේශපාලනඥයින්ගෙන් නොව, පහලිනි.
ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්තෝ, නොවැම්බර් 10 වැනි දා ජකර්තා නුවර රජ මාලිගාවේ පැවැත් වූ උත්සවවල දී කුරිරු ආඥාදායක සුහර්තෝ ජාතික වීරයෙකු ලෙස ප්‍රකාශයට පත් කලේ ය.
සෑම අංශයක ම වෘත්තීය සමිති නායකයන් සේ ම පාසල් සංවර්ධන නිලධාරි සමිති නායකයන් ද සිදු කරන්නේ ධනපති ආන්ඩුවලට බලපෑම් දමා ධනපති ක්‍රමය තුල ම ප්‍රශ්න විසඳා ගත හැකි ය යන මිථ්‍යාව තම සාමාජිකත්වයට ගිල්ලවීමයි.
සෝෂලිසම් ඒඅයි හඳුන්වා දීම සම්බන්ධ ව අදහස් දැක් වූ බහුතරයක් දෙනාගෙන් ලැබුනේ උනන්දු සහගත ප්‍රතිචාරයකි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) අධ්‍යාපනය ඩිජිටලීකරනයට එරෙහි ව දියත් කර ඇති උද්ඝෝෂනය ජවිපෙ/ජාජබ ආන්ඩුවේ කප්පාදුවට ආවරනය සපයන සහ මර්දනකාරී නීතිවලට ආවඩන ප්‍රතිගාමී ව්‍යායාමයකි.
රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුලුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදුවට සහාය දීම, කම්කරුවන්ගේ සහ දුගීන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සමඟ මූලික වශයෙන් නොපෑහේ.
ආන්ඩුවේ නීති සම්පාදන කෙටුම්පත, පවත්නා කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ සියලු ම අත්‍යවශ්‍ය ලක්ෂන ප්‍රතිනිෂ්පාදනය කරයි.
අර්බුදයේ පවතින ධනපති ක්‍රමය තුල හා එහි විධායකය වන ධනපති ආන්ඩුව යටතේ මොනම කම්කරු කොටසකට, වෘත්තීය කන්ඩායමකට හෝ දුගී මහජනතාවට තම අයිතීන් සහ ජීවන කොන්දේසි අරක්ෂා කර ගැනීමට නොහැක.
දේශපාලන බිඳවැටීමේ පරිමානය සහ පන්ති ආතතීන්ගේ රුදුරුභාවය විසින්, විඥානයේ ගැඹුරු වෙනස්කම් ජනනය කරන ලක්ෂ්‍යයකට එක්සත් ජනපදය ලඟා කර තිබේ.
ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් මත පාදක වූ කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගෝලීය පරිමානව ගොඩනැගීමේ ලා, Socialism AI ට ඉටු කල හැකි ඓතිහාසික කාර්යභාරය සාකච්ඡා කෙරෙන වැදගත් ඔන්ලයින් රැස්වීමට සහභාගිවන ලෙස සියලුම කම්කරුවන්ට, තරුනයින්ට සහ ශිෂ්‍යයන්ට සසජාතශි ඇරයුම් කරයි.
අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ වීම සහ පීඩිතයන් ආරක්ෂා කිරීම වනාහි, ජාතිකවාදය ප්‍රතික්ෂේප කරන, එක්සත් ජාතීන්ගේ වෙස්මුහුනු ගලවා දමන, ලෝක සමාජවාදය සඳහා සටන් කරන, මාක්ස්වාදී - එනම් ට්‍රොට්ස්කිවාදී - ඉදිරිදර්ශනයකින් මෙහෙයවනු ලබන කම්කරු පන්තියේ කර්තව්‍යයයි.
ශක්තිය යුක්තිය බවට පත් කරන “අයෝමය නීතිය” අවධාරනය කිරීමේ දී, නව ධර්මතාවක් සොයා නොගන්නා ට්‍රම්ප්, ඇමරිකානු ආක්‍රමනය සමග වරක බැඳී තිබූ ප්‍රජාතන්ත්‍රවාදී වහන්තරාවන් විසිකර දමමින් සිටී.
අයිසීඊ ඒජන්තයන් විසින් රෙනේ ගුඩ් කෲර ලෙස ඝාතනය කිරීම සහ ට්‍රම්ප් පාලනය විසින් වෙනිසියුලාව ආක්‍රමනය කිරීම, රට තුල ආඥාදායකත්වයක් පිහිටුවීම හා ජාත්‍යන්තරව අධිරාජ්‍යවාදී යටත් විජිත ජය ගැනීම දෙසට යන ගමනේ ගුනාත්මක තීව්‍ර කිරීමක් සනිටුහන් කරයි.
දිට්වා සුලි කුනාටුවෙන් දිස්ත්‍රික්ක 25 පුරා ම වතු විනාශ වී යාමෙන් පසු, ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන්ට යහපත්, ජීවත්වීමට සුදුසු නිවාස සඳහා දශක ගනනාවක් තිස්සේ පැවති ඉල්ලීම, හදිසි අවශ්‍යතාවයක් ලෙස යලි මතු වී තිබේ.
ලීලා සහෝදරීගේ අභාවය සසපට ශෝක ජනක පාඩුවකි; මෙම නිර්භීත සටන්කාරිනියගේ මතකය පක්ෂ අරගලය තුල සැමදා ජීවමාන ව පවතිනු ඇත.
ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල තීව්‍ර කරන ජවිපෙ/ජාජබ ආන්ඩුවේ පිලිවෙත වන්නේ සුලි කුනාටු ව්‍යසනයෙන් තවදුරටත් ගැඹුරුවන ආර්ථික අර්බූදයේ බර කම්කරු පන්තිය, ගම්බද දුගීන් හා තරුන ජනයා මත පැටවීමයි.
"ෆොසිල දහනය ඇතුලු කරුනු ගනනාවකින් වායු ගෝලීය උනුසුම වැඩිවීම නිසා ඇතිවන කාලගුනික විපර්යාස මෙම විනාශයට ඍජු ව ම බලපා තිබෙන නිසා එය ස්වභාවික ව්‍යසනයක් කියල කියන්න බෑ" යැයි ශිෂ්‍යයෙක් පැවසුවේ ය.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය, එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, වෙනිසියුලා ආක්‍රමනයත්, ජනාධිපති නිකොලස් මදූරෝ සාපරාධී ලෙස පැහැර ගැනීමත් තරයේ හෙලා දකිති.
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ නාය යෑම් සිදුවිය හැකි බවට හඳුනාගත් කලාපවල, කිසිදු ආරක්ෂාවක් හෝ ආධාරයක් නොමැති ව, ජීවත් වීමට අත්හැර දැමූ, දිට්වා සුලි කුනාටුවෙන් දිවි ගලවා ගත් ජනතාව දශක ගනනාවක ආන්ඩුවල නොතකා හැරීම්වලට එරෙහිව හඬ නඟති.
සුලි කුනාටුවෙන් සිදු වූ ව්‍යසනයෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමේ දැවැන්ත වියදම් ජනතාව මත පැටවීමේ ආන්ඩුවේ සැලසුම්වලට කම්කරුවන් සහ දුගීන් විරුද්ධ විය යුතු ය. සුලිකුනාටු ව්‍යසනයට හෝ ඊට තුඩුදුන් ධනේශ්වර අර්බුදයට ඔවුන් වගකිව යුතු නැත.
විජය කුමාර් තේ දලු අඹරන යන්ත්‍රයක වැදී මිය ගිය අතර රජිනිකාන්ත මියගියේ නඩත්තු නොකල දශක ගනනක් පරන බෝයිල්රුවක් පිපිරීමෙන් මිය ගියේ ය.
1985 දෙසැම්බරයේ දී ජාත්‍යන්තර කමිටුව විසින් කවිපයේ සාමාජිකත්වය අත්හිටුවීම, පැබ්ලෝවාදී අවස්ථාවාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය ලැබූ තීරනාත්මක ජයග්‍රහනයක් සනිටුහන් කල අතර, හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීමේ නව අවධියක් විවෘත කලේ ය.
මෙවන් අවස්ථාවක මාක්ස්වාදී ව්‍යාපාරයේ වගකීම වන්නේ ව්‍යසනයට ගොදුරු වූවන්ට අවශ්‍ය දෑ ඇති තරම් සම්පාදනය කිරීම රජයේ හා ආන්ඩුවේ වගකීම ය යන වැටහීම කම්කරු පන්තිය තුල ප්‍රචලිත කිරීමයි.
අඩු වැටුප් ලබන, දෙමල කතා කරන වතු කම්කරුවන් ප්‍රධාන වශයෙන් වාසය කරන නුවරඑලිය දිස්ත්‍රික්කය, සුලි කුනාටුව නිසා ඇති වූ අධික වර්ෂාපතනය, ගංවතුර, නායයෑම් සහ ගල් පෙරලීම හේතුවෙන් වඩාත් පීඩාවට පත් වූ දිස්ත්‍රික්ක අතර වේ.
අද දින, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ජාත්‍යන්තර කම්කරු පන්තියේ දේශපාලන අධ්‍යාපනය සහ බලමුලු ගැන්වීම වෙනුවෙන් වැඩි දියුනු කරන ලද තාක්ෂනික සංවර්ධනයේ පරිවර්තනීය යෙදවුමක් වන Socialism AI දියත් කරයි.
පහත පල වන්නේ, එම අවමංගල්‍යයන්හි දී, ඔවුනගේ විප්ලවවාදී ජීවිත අගය කරමින් සසප නායකයින් විසින් පවත්වන ලද කතා ඇතුලත් වාර්තාවකි.
මෙම කාර්මික අනතුරු සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීමට අන්තර්ජාල ගවේෂනයක් සිදු කල ද සංස්ථාපිතයේ මාධ්‍යවල ඒ සම්බන්ධයෙන් කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ බව පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් පැවසුවේ ය.
පාසංනි ගුරුවරුන්ට මෙන්ම කම්කරු පන්තියේ සෑම කොටසකට ම තම අයිතීන් රැක ගැනීමට හා දිනා ගැනීමට මාවත ලෙස ඇත්තේ ධනපති ආන්ඩුවේ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කිරීම තුල ය.
දෙමල බහුතරයක් වෙසෙන උතුරු පලාතේ නව දෙනෙකු මිය ගොස්, සිව් දෙනෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.
පෙසප, ජවිපෙ/ජාජබ ආන්ඩුවට ඉදිරිපත් කර ඇති යෝජනාවන්ගේ අරමුන වන්නේ ව්‍යසනයට ආන්ඩුවේ වගකීමත්, එම ව්‍යසනය නිර්මානය කල ධනේෂ්වර ක්‍රමයත් වසන් කිරීමයි.
දිගුකාලීන පක්ෂ සහෝදරවරු දෙදෙනෙකු වූ ආර්.එම්. ගුනතිලක (87) සහෝදරයා සහ ලීලා බාලසූරිය (79) සහෝදරිය සෙනසුරාදා මිය ගිය බව සමාජවාදී සමානතා පක්ෂය නිවේදනය කරන්නේ ඉමහත් සංවේගයෙනි. ඉදිරි දිනවල ඔවුන් පිලිබඳව උපහාරත්මක ප්‍රකාශ පල කෙරෙනු ඇත.
ලංකාවේ ගරා වැටුනු මහා මාර්ග හා දුම්රිය මාර්ග ක්‍රමවත්ව ඉදි කල හැකි වන්නේ ලෝක පරිමානයකින් සම්බන්ධීකෘත කර්තව්‍යයක් ලෙස පමනි.
මෙම වීඩියෝවෙන්, දිට්වා සුලි කුනාටුවෙන් විනාශයට පත් ශ්‍රී ලාංකික කම්කරුවෝ සහ ගම්වැසියෝ, විනාශකාරී ගංවතුර, ආන්ඩුවේ නොසැලකිල්ල සහ සැබෑ වෙනසක හදිසි අවශ්‍යතාව ගැන කතා කරති.
ධනවාදයෙහි ගෝලීය අර්බුදය සහ ආඥාදායකත්වය කරා ට්‍රම්ප් පරිපාලනයෙහි ධාවනය විභාග කරමින්, නොවැම්බර් 22දා ලන්ඩනයේ දී ඩේවිඩ් නෝර්ත් පැවැත් වූ දේශනයෙහි පෙල ලෝසවෙඅ මෙහි පල කරයි.
සමාජවාදී සමානතා පක්ෂය සහ වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව, “මාඋස්සාකැලේ විජයකුමාර්ගේ මරනය: ලාභය උදෙසා ජීවිත බිලි නොදෙනු!” යන මැයෙන් සංවිධානය කරන ප්‍රසිද්ධ රැස්වීම දෙසැම්බර් 21 වැනි දා මස්කෙලිය අප්කොට් පාරේ පීඑම්ඩී උත්සව ශාලාවේ දී දවල් 2ට ආරම්භ වෙනු ඇත.
කෘෂි බෝගවලට වන්දි පමනක් නොව, නිවාස පිරිසිදු කර ගැනීමට හා ගෘහ උපකරන මිලදී ගැනීමට අදාල අයදුම්පත් ග්‍රාම නිලධාරීවරයාට භාරදී ඇතැත් ඒ සඳහා පොරොන්දු වූ, පිලිවෙලින් රුපියල් 25000 හා 50000ක මුදල් මෙතෙක් මෙම ජන කොටස්වලට ලැබී නැත.
සෝෂලිස්ම් ඒඅයි යනු, මාක්ස්වාදයේ විද්‍යාත්මක දෘෂ්ටිය කම්කරුවන්, තරුනයින් සහ බුද්ධිමතුන් වෙත ගෙන ඒම මගින් ගෝලීය වශයෙන් සමාජවාදී විඥානය ප්‍රවර්ධනය කරනු වස්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් වැඩි දියුනු කරන ලද, නව, බලගතු චැට්බොට් මෙවලමකි.
දිට්වා සුලි කුනාටුවෙන් දිග හැරෙන ව්‍යසනය අන්තර් සම්බන්ධිත ක්‍රියාවලීන් දෙකක ප්‍රතිඵලයකි: ගෝලීය ධනවාදය විසින් ධාවනය කෙරෙන, දේශගුනික විපර්යාසයන් හි තීව්‍රවීම සහ ආන්ඩුවල කප්පාදු හේතුවෙන් ඇති කෙරුනු, විද්‍යාත්මක හා ආපදා වැලැක්වීමේ යටිතල පහසුකම්වල ඌන සංවර්ධනය.
ඩිමොක්‍රටික් පක්ෂයේ කොන්ග්‍රස් මන්ත්‍රීවරුන්ට මරන දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ට්‍රම්ප් ඉල්ලා යන්තම් දිනකට පසු, මම්දානි ධවල මන්දිරයට පැමිනීම, අර්බුදග්‍රස්ත ට්‍රම්ප් පාලන තන්ත්‍රයේ දේශපාලන නීත්‍යානුකූලභාවය ශක්තිමත් කිරීමට උපකාරී විය.
ජවිපෙ/ජාජබ ආන්ඩුව මූලික අවධානය යොමු කර ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දුන් පොරොන්දු ඉටු කිරීම කෙරෙහි ය. මේ සා පරිමාන දැවැන්ත ස්වාභාවික ව්‍යසනයකින් පවා කුරිරු කප්පාදු සඳහා තම කැපවීම වෙනස් නොවන බව, ජනාධිපති දිසානායක සහ ඔහුගේ ඇමතිවරුන් ප්‍රකාශයට පත් කර ඇත.
“අපේ දෙමව්පියන් වතුරට යට වුනා, අපිත් වතුරට යට වෙනවා, අපේ ලමයිනුත් වතුරට යට වෙයි ද?” ගංවතුරෙන් පීඩාවට පත්වූ කාන්තාවක් විමසී ය.
දිට්වා සුලිකුනාටුවෙන් ව්‍යසනයට පත් මහ ජනතාව ගැන කිඹුල් කඳුලු හෙලන ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ ආන්ඩුව කටයුතු කරමින් සිටින්නේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට අමතරව ව්‍යසනයේ මුලු බර ද කම්කරු-පීඩිත ජනයා මත පැටවීමටයි.
කම්කරු පන්තිය, ලාභය නොව මානව අවශ්‍යතා මත පදනම් ව සමාජයේ සමාජවාදී ප්‍රතිසංවිධානයක් සඳහා සටන් කිරීමට සංවිධානය නොවන්නේ නම්, දේශගුනය හේතුවෙන් ඇතිවන ව්‍යසනයන් දුප්පත්ම ජනයා මරා දැමීම දිගටම කර ගෙන යනු ඇත.
සැබැවින්ම 1917න් පසු සියවසකට වැඩි කාලය තුල මෙන්ම අද දින ද රුසියානු විප්ලවයේ අවතාරය පාලක පන්තිය ඉදිරියේ හොල්මන් කරමින් තිබේ. ඊට හේතුව ඉතිහාසයේ පලමු වරට, ධනපති ක්‍රමයේ ම්ලේච්ඡත්වයට විකල්පව කම්කරු පන්තියට, පීඩිත ජනතාවන් රැලි කර ගනිමින් බලය ගැනීමට පවතින ශක්‍යතාව හා සමාජවාදය පිහිටුවීමේ ඓතිහාසික අවශ්‍යතාව ඔක්තෝබර් විප්ලවය මගින් ප්‍රදර්ශනය කිරීමයි.
ජල ගැලීමෙන් විපතට පත් පීඩිත මහජනතාව අතර, තමන් නොතැකීම පිලිබඳව ආන්ඩුවට එරෙහි විරෝධය වර්ධනය වෙමින් පවතී.